මට තව ලබන්න දෙයක් නෑ.. මා මැතිවරණයට එන්නේ මගේ දැනුම, ශක්තිය ජනාධිපතිට දෙන්නයි..

2020-02-18 11:44:00       726
feature-top
මෙරට ජනාධිපති ලෙස කටයුතු කර ඇති තමන්ට තවත් ලබාගත යුතු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොළොන්නරුවේ ජනතාව නායකත්වයක් ඉල්ලා සිටි නිසා බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම තම දැනුම හා ශක්තිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

තම දැනුම සහ අත්දැකීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දී මෙරට අර්බුදවලින් ගොඩ ගැනීමට ඔහුට උපකාර කරන බව ද සිරිසේන මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුවේ ප්‍රදේශ පැවති ජන හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »