පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා පමණයි.. හීන්බබා කෝලම දින දෙකකින් අවසන්..

2020-02-17 06:23:00       729
feature-top
වත්මන් පාර්ලිමේන්තු සැසිවාරය පවතින්නේ හෙට සහ අනිද්දා දින දෙක තුළ පමණක් යයි තමන් විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉන් පසුව මාර්තු මාස මුලදීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයිද අගමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අප්‍රේල් අවසන් සතියේ පමණ මැතිවරණය පැවැත්වෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »