කෝටියකට අධික රත්‍රං බිස්කට් තොගයක් සමග ගුවන් තොටේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

2020-02-17 06:15:00       728
feature-top
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක්, නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.                  

සැකකරු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ඔහු පැළද පැමිණි පාවහන් තුළ, කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර, රත්‍රං බිස්කට් 12 ක් සගවා ගෙන, සිටි බව පසුව සොයා ගැනුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »