උදයංග වීරතුංග 26 වෙනිදා දක්වා යලි රිමාන්ඩ්

2020-02-17 06:10:00       727
feature-top
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 26 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔහු මස්කට් නුවර සිට මෙරටට පැමිණීමෙන් අනතුරුවයි.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ උදයංග වීරතුංග අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය සිකුරාදා නියෝග කරනු ලැබුවා.


(under the courtesy of nethnews.lk news web)

More News »