එජාප ජ්‍යෙෂ්ඨයෙක් පක්ෂයේ ස්ථාවරය කියයි

2020-02-17 09:01:00       738
feature-top
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් අද (17) පැවැත්වෙනවා. එහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය ද ප‍්‍රමුඛ කර ගනිමින් නව සන්ධානයකින් මහ මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වුවත්, ලකුණ සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අර්බුදයක්.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ලකුණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප‍්‍රකාශ කළේ අලියා හෝ හංසයා ලකුණ හැර වෙනත් කිසිඳු ලකුණකින් තරග වැදීමට තම පක්ෂය අකමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ බොහෝ කලක පටන් පවතින එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය දැන් කඩිනමින් විසඳිය යුතු බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ සන්ධානය සෘජු තීන්දුවක් කඩිනමින් ගත යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

නව සන්ධානයේ ලකුණ ලෙස හදවත යොදා ගැනීමට මීට පෙර තීරණය කර තිබුණ ද එම යෝජනාවට ද එල්ල වූයේ දැඩි විරෝධයක්.


(under the courtesy of nethnews.lk news web)

More News »