පොහොට්ටුව නව සන්ධානයේ ප‍්‍රබල තනතුරු ඉල්ලයි

2020-02-15 09:00:00       726
feature-top
එළඹෙන මහ මැතිවරණයේදී ජනතාවගේ අභිලාෂයන්ට ගැලපෙන අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාවට නැංවීම එහි අපේක්‍ෂාව බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙහිදී අදහස් පළ කළා.
 

මේ අතර එළඹෙන මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එකට එක්ව සන්ධානයකින් තරගවදින්නේ නම් එහි ප‍්‍රධාන තනතුරු සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පත් කළයුතු බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »