බොරතෙල් මිල පහල යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට ප‍්‍රමාණවත් නෑ..

2020-02-14 04:48:00       726
feature-top
ලෝක වෙළෙඳ පොළේ මේ වන විට සිදුව ඇති බොරතෙල් මිල පහළ යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඛණිජ තෙල් සංවර්ධන විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ දිනවල චීනයේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැසීමක් ඇතත් එය තවදුරටත් පහළ ගියහොත් එහි වාසිය මෙරට ජනතාවට ලබාදෙන බව ද ඔහු සදහන් කළේය.

මීට සති කිහිපයකට පෙර බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ මෙරට ඉන්ධන මිල වැඩි කල යුතුව තිබියදී රජය එසේ නොකළ බවත් ඔහු කියා සිටියේය.

වර්තමානයේ බොරතෙල් මිල පහළ යාම ස්ථාවර නොවන බවත් එය කෙටිකාලීන තත්ත්වයක් පමණක් පෙනී යන්නේ යැයිද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

පසුගිය මසක කාලය ඇතුලත ලෝක වෙලදපලේ බොරතෙල් මිල 20%ක් ඉක්මවා මිල පහල ගොස් තිබේ
(under the courtesy of lankacnews.com news web)

More News »