කූඨ ලේඛණ ඉදිරිපත් කර පෘතුගාලයට පැනයාමට තැත් කළ අයෙකු කටුනායකදි අත්අඩංගුවට

2020-02-14 04:43:00       727
feature-top
කූඨ ලේඛන ඉදිරිපත් කර  ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික තරුණයෙකු අද කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.                ඔහු අලුයම 3.10 ට කටාර්  ගුවන් සේවයේ කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »