සිංගිමලේ කන්දේ ගින්නක්

2020-02-13 01:35:00       726
feature-top
පවතින වියළි කාලගුණයත් සමග වනාන්තරවලට ගිනිතබන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනක හඳුන්පතිරණ පැවසුවේ එලෙස වනාන්තර ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව වසර 07 ක සිරදඬුවමක් පැනවිය හැකි බවයි.

ඉකුත් කාලසීමාවේ රක්ෂිත සහ කඳුකර කිහිපයක ගිනිගැනීම් වාර්තා වුණා. අද (13) උදෑසන එවැනි තවත් ගින්නක් හට ගැනුණේ හැටන් සිංගිමලේ කන්ද ප්‍රදේශයේයි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ද සිංගිමලේ කන්ද පාමුල පිහිටා තිබෙනවා. සිංගිමලේ කන්දේ කඳුකරයට ආවේණික ක්ෂීරපායී සතුන්, පක්ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි ද ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »