මැතිවරණයෙන් පොහොට්ටුව 150ක් ගන්නවා.. ශ‍්‍රීලනිපය 04න් ගන්නවා.. පසුව 154ක ආණ්ඩුවක් හදනවා.. සිරිසේන සමග එක ලයිස්තුවකින් පොලොන්නරුවට තරග කරන්න මට බෑ..

2020-02-13 09:10:00       724
feature-top
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති සමග තමන්ට පොළොන්නරුවේ එක වේදිකාවට නැගීමට නොහැකි බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිටීනම් ඔවුන්ට පොහොට්ටුව යටතේ මැතිවරණයට තරඟ කළ හැකි බවද ඔහු පැවසීය.

එසේ බැරි කිසිවකු සිටීනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට තරග කළ යුතු බවද ඔහු යෝජනා කළේය.

මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 150ක් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ගනු ඇති බවත් පසුව එක්වී ආසන 154ක ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »