කාර් රථයකින් ගිය තරුණයෙකුට බස් රථයකින් ගිය තරුණයින් පිරිසක් වටකර පහර දෙයි…

2020-02-12 08:57:00       734
feature-top
යාපනය මහනුවර ඒ- 9 මාර්ගයේ යාපනය කයිතඩි ප්‍රදේශයේදී ධාවනය වූ මෝටර් රථයක සිටි තරුණයෙකුට බස් රථයකින් පැමිණි තවත් පිරිසක් පහරදීම හේතුවෙන් මෝටර් රථයේ සිටි තරුණයා තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

මොටර් රථයේ සිටි තරුණයා මුලතිව් සිට යාපනය දක්වා ගමන් කරමින් සිට ඇති අතර කයිතඩි පාලම අසලදී බස් රථයකින් පැමිණි තරුණයින් 15 දෙනෙකු පමණ කාර් රථයේ සිටි තරුණයාට පහරදී බස් රථයෙන් පලා ගොස් ඇති අතර තුවාල ලැබූතරුණයා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට ඇත.

කාර් රථය හා බස් රථය ධාවනය කිරීමේදී ඇති වූ ආරවුලක් හෝ පෙර දිනක ඇති වූ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කරන්නට ඇති අබවට බස් රථයෙන් පැමිණ පහර දී පලා ගිය පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »