‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුම් කරලා‘ – මෙහෙම ගියොත් තුනෙන් දෙක නොවෙයි ආණ්ඩු බලයත් නැති වෙනවා – අශෝක් අබේසිංහ

2020-01-29 05:57:00       831
feature-top

රට දෙකඩ කරනවා, රට   ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ  එම්. සී. සී ගිවිසුම ලබන  මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය.

කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා  අවශ්‍ය සැලසුම් ආණ්ඩුව මේ දිනවල සකස් කර ගෙන යන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා ආණ්ඩු බලයත් නොලැබෙන බවද විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.

‘‘ මේ ආණ්ඩුවෙන් ඉන්න පිරිස් එම්. සී. සී ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා,  ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැව්වා. දැන් කියනවා සීයට 70ක් හොදයිලූ.  මේ ගිවිසුම ලබන  මැයි මාසයෙන් පසු අත්සන් කරන බවට මම වගකීමෙන් කියනවා.

ඇමරිකානු නියෝජිතයයන් ආපු වෙලාවේදී ජනාධිපතිතුමා මැයි මාසේ  වෙනකම් කල් ඉල්ලුවා. ඔහු කොයිම වෙලාවකවත්  මේක අත්සන් කරන්නේ නැහැ කියලා නැහැ. දැන් මේ ගැන කමිටු පත් කරලා අධ්‍යයනය කරගෙන යනවා. අනිත් පැත්තෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා.‘‘

lanka lead news


More News »