ලෝකයේ බොරතෙල් මිල පහල බැහැලා.. ලංකාවේද අඩු කරන්නැයි කියයි..

2020-01-29 05:50:00       834
feature-top
ජනාධිපතිවරණය සීමාවේදී ඩොලර් 63ක් පමණ වූ බොරතෙල් බැරලයක් අද වන විට ඩොලර් 57 දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

බොරතෙල් මිල පහළ බැසීමෙන් වූ වාසිය ජනතාවට ඉක්මනින්ම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

තෙල් මිල සූත්‍රය අහෝසි කර ජනතාවට සහන දෙන බවට ජනාධිපතිවරණ සමයේ පැවසූ පරිදි එය ඉටු කිරීමට කාලය එළඹ ඇතැයි ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »