චීනයේ වූහන් සිට එන සිසුන් ගෙදර නොයවයි.. ජීවානුහරණය කල කාමරවලට දින ගනනක්..

2020-01-29 05:46:00       831
feature-top
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

චිනයේ යූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විශේෂ ගුවන් යානයක් යවලා චීන ආණ්ඩුවේ අවසරය ලැබුණු වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේෙවන විටත් අපේ ආණ්ඩුව කටයුතු යොදමින් ඉන්නවා. නමුත් දේශපාලන වාසි ගන්න එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා මේ ශිෂ්‍යයන් ලංකාවට ගෙන ආවහම සෞඛ්‍ය අවදානමක්, මිලියන 22 කගේ ජීවිත අනතුරේ හෙලීමක් සිදුවෙනවා කියලා. ඔවුන්ට චීනයේ ප්‍රතිකාර කරලා ලංකාවට ගෙන ඒමට සූදානම් කරනවා මිස ඔවුන්ව ලංකාවට ගෙන එන්නට එපාය කියලා.

මේක දේශපාලන කුහකකමක්. ඒ අපේ දරුවන්. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ ජාතික සන්ධානයේ දරුවොත් ඇති. ඒ අපේ දරුවෝ. ඔවුන්ට මේ දක්වා අසනීපයක් වැළඳී නැහැ. අසනීපයක් හැදෙනකම් විසබීජ තියෙන ගොඩේ ඔවුන් තබන්න කියලා යෝජනා කරන්න පුළුවන් අමනුෂ්‍යයන්ට විතරයි.

අද ඒ දරුවන්ට ආහාර සොයා ගැනීමත් ගැටලුවක්. එම දරුවෝම සමාජ ජාල වලට යොමුකළ වීඩියෝ වල ඔවුන් කියනවා අද ඒ නගර ජනශූන්‍යයි, ආණ්ඩුවෙන් ආහාර ලබා දෙනවා හමුදාව හරහා කියලා. සුපිරි වෙළඳසැල්වල තියෙන්නෙ සිසිල් බීම සහ චොකලට් පමණයි. සිසිල් බීම සහ චොක්ලට් වලින් ජීවත් වන තත්වයක් තමයි ඒ දරුවන්ට ඇති වෙලා තියෙන්නේ.

අපි මේ දරුවන් ගෙනල්ලා නිකම් අතාරින්නේ නැහැ. මෙම රෝගයේ විෂබීජයන් ශරීරයට ඇතුළු වෙලා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක් ගත වෙන්නට පුළුවන් උපරිම වශයෙන්. මේ දරුවන් ගෙනල්ලා අප ගෙදර යවන්නේ නැහැ. ඔවුන් රෝහල් ගත කරලා එක් එක් දරුවා වෙන වෙනම ජීවානුහරණය කරපු විශේෂිත කාමරවල තියලා ඔවුන් දින දාහතරක් පරීක්ෂාවට ලක්කරලා රෝගී තත්ත්වයක් වාර්තා නො වුණොත් පමණයි නිදහස් කරන්නේ.

ඒ නිසා දරුවන් ලංකාවට ගෙන ඒමෙන් මිලියන 22කට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙන බවට විපක්ෂය කියන කතාව පට්ටපල් බොරුවක්. එවැනි අවදානමක් ඇති නොවන අයුරින් ඥානාන්විතව කටයුතු කරන්නට අප අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නෙ කියන එක විපක්ෂයේ බේගල් අහලා කලබල වී සිටි ජනතාවට දැනුම් දෙනවා.
(under the courtesy of lankacnews.com news web)

More News »