කොරෝනා වෛරසය මැඩලන්න තුන්සූත‍්‍රය සජ්ජායනා කරනවා..- මිහින්තලා විහාරාධිපති හිමි..

2020-01-29 03:47:00       1706
feature-top
රට තුළ ඇති වී තිබෙන කොරෝනා වෛරස් බිය තුරන් කිරීම සඳහා තුන් සූත්‍රය සජ්ඣායනා කර කර යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.

දැනට වසර දෙදහස් පන්සීයකට පෙර ද මේ ආකාරයේ වෛරසයක් බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද ඒ පිළිබඳව සාක්ෂි සහිත දේශනාවක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

බුදුන් වහන්සේගේ සූත්‍රයට අනුව මෙය වෛරසය ලෝකයෙන් තුරන් වේවා යයි දිනපතා පිරිත් සජ්ඣායනය කර පිහිටක් ලබාගත හැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඒ අනුව අද දිනයේ සිට මිහින්තලා පුදබිමේ සිට තුන් සූත්‍රය සජ්ඣායනය කරන බවද උන්වහන්සේ පැවසූහ.
(under the courtesy of lankacnews.com news web)

More News »