එජාප අර්බුදය නිමවෙන ලකුණු! සජිත් – රනිල් අද හමුවෙයි

2020-01-29 02:32:00       531
feature-top

නායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මතුව තිබූ බරපතළ අර්බූදය අද (29) දිනය ඇතුළත නිමාවට පත්වනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව අද සවස 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ හමුවේදී ‌මෙම අර්බුදය සාකච්ජාමය එකගතාවකින් අවසන් කර ගැනීමට නියමිතය.

අප හට වාර්තා වී ඇති ‌‌තොරතුරුවලට අනුව පසුගිය දින කිහිපය පුරාම ‌මේ සම්බන්ධයෙන් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවලදී පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තැබීමටත්, බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමටත් ‌යෝජනා වී ඇත.

මෙම නව සන්ධානයට ‌දේශපාලන පක්ෂ කිහිපයක්ම සම්බන්ධ වීමට නියමිත අතර එහි ප්‍රධාන පක්ෂය ‌ලෙස එජාපයට වැඩි බලතල හිමිවීමට නියමිතය.

එමෙන්ම නව සන්ධානයේ මහලේකම් ධූරයද ‌ප්‍රේමදාස පාර්ශ්වයට ලබා දීමටත්, ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා මණ්ඩලයේ සියලු බලතල ප‌්‍රේමදාස පාර්ශවය ‌වෙත පැවරීමටත් වික්‍රමසිංහ මහතා එකගගතාව පළ ‌කොට ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව නායකත්වය සතු බලතලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ‌‌ප්‍රේමදාස මහතා ‌වෙත පැවරිය යුතු බවට වූ ‌යෝජනාවටද වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ ‌කොට ඇති බව වාර්තා ‌වේ.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා හා ‌‌ප්‍රේමදාස මහතා අතර ‌‌මෙම එකතගාවන් සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බව පැවසේ.

lanka lead news


More News »