රන්ජන්ගේ හඬපට නෑ.. හඬ පරීක්‍ෂණ කරන්න බෑ..

2020-01-28 05:09:00       695
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සැසඳීම සඳහා අවශ්‍ය වන හඬ පට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නැති බව වාර්තා වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් බාර දෙන ලද මන්ත්‍රීවරයාගේ හඬ පට අපහැදිලි තත්වයන් පැවතීම නිසා ඒවා සැසඳීම අපහසු බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබිණි.

ඒ අනුව කටහඬ සැසඳීම සඳහා පැහැදිලි හඬපට ඉල්ලා සිටියද මේ වන තෙක් ඒවා ලැබී නැති බවද සඳහන් වේ.

අදාළ හඬ පට සැසඳීමට අවශ්‍ය හඬපට ලැබුණු පසු ඒවා සැසඳීමට රාමනායක මන්ත්‍රීවරයා දින කිහිපයක් ඇතුළත කැඳවීමට නියමිතව ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »