විදුලි අර්බුදය දරුණු වෙයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. විදෙස් සමාගම්වලින් මිලට ගන්න ටෙන්ඩර් කැදවයි..

2020-01-28 02:50:00       728
feature-top
ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ මෙගා වොට් 300 ක විදුලි බල විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා විදෙස් සමාගම්වලින් මිල ගණන් කැඳවා ඇත.

ඒ අනුව විදුලි ඒකකයක් ජාතික විදුලි පද්ධතියට ලබාදිය හැකි මිල ගණන් හා ගිවිසුමට අදාළ කොන්දේසි ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.

දැනට ඇති වී තිබෙන වියළි කාලගුණය අප්‍රේල් මාසය අවසන් වන තුරු පවතිනු ඇති බවත් එනිසා දිනෙන් දින විදුලි අර්බුදය උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයට පෙන්වා දී තිබේ.

මේ වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් ජල විදුලි නිෂ්පාදනය 25% ක් දක්වා පහත බැස ඇත.

මෙම තත්වය මත පෙබරවාරි මාසය අවසන් වන තෙක් හෝ අඛණ්ඩ විදුලි බලය ලබාදීම බරපතළ අභියෝගයක් වී ඇතැයිද වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »