නව කොරෝනා වෛරසය ගැන දැනුවත් වන්න දුරකථන අංක දෙකක්

2020-01-28 01:09:00       729
feature-top
මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරනවා. මන්ද ජනතාව නොමග යවනු ලබන ඇතැම් ප්‍රකාශ නිසා ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බවයි මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

නව කොරෝනා වෛරසය සමබන්ධයෙන් යම් හෙයකින් මහජනතාවට දැන ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ දුරකථන අංක දෙකක්ද හඳුන්වා දෙනු ලැබුවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය 0710107107, ආපදා අංශය 0113071073 යන අංක ඔස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

More News »