කොරෝනා වෛරසයට රට පුරා රෝහල් සුදානම් : රටට එන සියලු පුද්ගලයින්ට විශේෂ පෝරමයක්

2020-01-28 01:08:00       796
feature-top
පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි රෝහල් සුදානම් කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. පසුගිය දින කිහිපයේදී දිවයිනේ ස්ථාන කිහිපයකින් කොරෝනා වෛරසයට ගොදුරුවූ බවට සැකපළ කරන රෝගීන් වාර්තාවූ බවත් ඒ හේතුවෙන් ඔවුන්ව අංගොඩ පිහිටි IDH රෝහලට රැගෙන ඒමට පියවර ගනු ලැබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඒ අනුව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අංගොඩ IDH රෝහලට අමතරව,මීගමුව, ගම්පහ,මහනුවර, කලුබෝවිල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, බදුල්ල සහ මඩකලපුව යන රෝහල් පෙර සුදානම්කර ඇති බවත් එහි සිටින වෛද්‍ය කණ්ඩයම් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම සිදුකර ඇති බවයි අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ. කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමේ සහ සායනික පරීක්ෂණ සිදුකරනු ලබන සියලුම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයන් සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂක ඇඳුම් ඇතුළු උපකරණ ලබාදී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියේ කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලුම මගින් ගෙන් තොරතුරු රැස් කිරීමක් ආරම්භ කර ඇති බවත් එහිදී ඔවුන් මෙරටට පැමිණියේ කොහේ සිටද, නවාතැන් ගන්නා ස්ථාන සම්බන්ධයෙන් එහිදී තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි. එමෙන්ම මේ දක්වා එය චීන භාෂාවෙන් නොතිබූ බවත් මේ වන විට චීන භාෂාවෙන් යුත් පෝරම ලබාදී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම කරුණු රැස් කිරීම මගින් සංචාරකයින් සිටින ස්ථානවලට වසංගත රෝග වෛද්‍යවරුන් යොමු කොට ඔවුන් පරික්ෂා කිරීම සිදුකිරීම මෙහි අරමුණ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

එමෙන්ම සියලුම ගුවන් යානා වලට විශේෂ වීඩියෝ පටයක් ලබාදීම සිදුකරනු ලබන බවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පුර්ව දැනුවත් කිරීමක් ඒ හරහා සිදුකරනු ලබන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියේ.

මිට අමතරව යාපනය පළාලි ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගින්ද විශේෂ පරික්ෂාවකට ලක් කිරීමකට කටයුතු ආරම්භ කර ඇති බවත් නැව් හරහා දිවයිනට පැමිණෙන සියලුම පුද්ගලයින් විශේෂ පරික්ෂාවකට ලක් කරන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.

මේ වන විට නව කොරෝනා වෛරසය පරික්ෂා කිරීමේ සායනික හැකියාව බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හැකියාව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සකස් කර ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ. එමෙන්ම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට හැකියාව ඇති වෛද්‍ය පරීක්ෂණාගාර ඇත්තේ ලංකාවේ සහ චීනයේ පුනේ ප්‍රාන්තයේ පමණක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.

එමෙන්ම සියලු පළාත් සෞඛ්‍ය බලධාරීන්ට නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් අඩංගු ඇතුලත් චක්‍ර ලේඛණයක් නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

දිවයිනේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි අලෙවිසැල් වල මුඛ ආවරණ අඩුවක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම මුඛ ආවරණ නිෂ්පාදනය කරන ආයතන තුනකට තම නිෂ්පාදන වැඩිකරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි කියා සිටියේ
(under the courtesy of nethnews.lk news web)

More News »