MCC ගිවිසුම පිළිබද මහජන අදහස් විමසීමට විද්වත් කමිටුවෙන් තීරණයක්

2020-01-27 05:51:00       738
feature-top
යෝජිත ඵක්‍ක්‍ ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව තීරණය කර තිබෙනවා. මෙම විද්වත් කමිටුව පත්කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් අනුව වන අතර ඊට කැබිනට් අනුමැතියද හිමි වුණා.

මෙම ඵක්‍ක්‍ ගිවිසුම සම්බන්ධයෙන් එහි අන්තර්ගතය හා එහි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස්, තොරතුරු, ඇඟයීම් හෝ යෝජනා මෙම විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකියි. ඒවා ලබන මස 15 වනදාට පෙර සභාපති, ඵක්‍ක්‍ ගිවිසුම අධ්‍යයනය සදහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 03 යන ලිපිනයට තැපැල් මගින්ද ඉදිරිපත් හැකි වනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »