වැඩතහනම් වූ විනිසුරුවරයෙකුගේ නඩු විභාගයට එරෙහිව තහනම් නියෝගයක්

2020-01-27 04:08:00       727
feature-top
නිත්‍යානුකුල නොවන ආකාරයට අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිවිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු විභාගය ජනවාරි මස 29 දා තෙක් අත් හිටුවීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා .

අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කරන ලද්දේ වැඩ තහනමට ලක්වූ විනිසුරුවරයා විසින් ගොනු කර තිබු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සම මගින් තිළිණ ගමගේ ඉල්ලා ඇත්තේ තමාට එරෙහිව මහාධිකරනයෙ විභාග වෙමින් පවතින නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ගෙන් වෙනත් විනිශ්චයකාරවරයෙකුට මාරු කරන ලෙසටයි. ඒ අනුව මෙම පෙත්සම යළි ජනවාරි මස 29 දා යළි කැදවීමට නියමිතය.


(under the courtesy of nethnews.lk news web)

More News »