කොරෝනා මඩින්න ජාතික ක්‍රියාකාරී කමිටුව රැස් කරයි

2020-01-27 10:32:00       723
feature-top
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත්කළ ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) පළමු වරට රැස්වනවා.

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරිම වැළැක්වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි.

මෙම කමිටුව අද පස්වරුවේ පළමුවරට රැස්වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. එහිදී සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වෛරසය පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට අමතරව මෙම කමිටුවට උපදෙස් ලබාදීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීමට විශේෂ සාකච්ඡාවක් ද අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.
(under the courtesy of nethnews.lk news web)

More News »