මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ගැටුමක්

2020-01-25 03:19:00       726
feature-top
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ මාකදුරේ මදූෂ් සහ ඌරුජුවා නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. එහිදී ඔවුන්ගෙන් එක් අයෙකු සිලින්ජරයකින් අනෙක් පුද්ගලයාට පහරදී ඇති බවද වාර්තා වනවා.

මත්කුඩු ජාවාරමක් සම්බන්ධව මෙම ගැටුම හටගෙන ඇති බවටයි සැක පළ කරන්නේ. ඔවුන් දෙදෙනා වෙනත් බන්ධනාගාර දෙකකට මාරු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »