අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

2020-01-24 05:22:00       638
feature-top
මහාධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ කටයුතු සහ විනිසුරුවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පෙබරවාරි මස 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

මෙම චෝදනා වලට අදාළව අජිත් ප්‍රසන්න මහතා අද සිතාසි මත අධිකරණයේ පෙනී සිටි අතර එහිදී සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරු ධම්මික ගනේපොල  මහතා නියෝග කරනු ලැබුවා.

ඉදිරිපත් වී ඇති කරුණු අනුව පවතින නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වන සහ එම නඩුව විභාග කරන විනිසුරුවරයාගේ කටයුතු වලට බලපෑම් වන ආකාරයට කටයුතු කර ඇති බවට පෙනී යන බව මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියා.

තවද අජිත් ප්‍රසන්න මහතාගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් කැදවීමට මහාධිකරණය නියෝග කරන ලදී .

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහිව පවතින නඩුවක් ඇතුළු තවත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවෙච්නයට ලක්කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »