බන්ධනාගාර ලොකු පුටුවකට තුන්කොන් සටනක්

2020-01-24 03:32:00       728
feature-top
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයට තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති බව බන්ධනාගාර ආරංචි පවසනවා.

එම තනතුර සඳහා නව නිලධාරියෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට එම අවස්ථාව හිමි වියයුතු බවයි බන්ධනාගාර නිලධාරීන්ගේ මතය වී ඇත්තේ.

ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු අතර තියුණු තරගයක් ද පවතින බවයි වාර්තා වන්නේ.

එහෙත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය පරිපාලන සේවයට අදාළ තනතුරක් වන බැවින් ඊට සිය නිලධාරියෙකු පත් කළ යුතු බවයි පරිපාලන නිලධාරීන්ගේ මතය වී තිබෙනවා.

ඊට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සඳහා හමුදා නිලධාරියෙකු පත් කිරීමට නියමිත බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසුවා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »