ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ මීළඟ සූදානම

2020-01-24 03:31:00       724
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ දේශපාලනය සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමක් හේතුවෙන් බව දේශපාලන ආරංචි පවසනවා.

ඔහු සිය පවුලේ සාමාජිකයන් ද සමගින් විදෙස් ගත වීමට තීරණය කර ඇති බවයි එම ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

ඉකුත් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ජයම්පති වික්‍රමරත්න ඉකුත් දා කථානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දුන්නා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.  

ජයම්පති වික්‍රමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සමන් රත්නප්‍රිය නම් කළ බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරිවයම් පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »