රන්ජන්ගේ හඬපට භාරදීම ගැන කථානායක පැහැදිළි කර දෙයි

2020-01-24 01:17:00       727
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරි මහතා සභාවට දැනුම් දී තිබෙනවා.

අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායකවරයා මේ බව සඳහන් කළා.

රන්ජන් රාමණායකගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කථානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ද ඊයේ (23) පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

ආන්දෝලනාත්මක දුරකථන සංවාද පැවැත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉකුත් අඟහරුවාදා දිනයේදී එම හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පැවසූවද, පෙරේදා දිනය වන තෙක් ඒවා සභාගත කර තිබුණේ නෑ.

එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ රන්ජන් රාමනායක පැවැත් වූ දුරකථන සංවාද පහලොස් දහසක් අඩංගු CD තැටි කිහිපයක් පාර්ලිමේන්තුවට ලබාදුන් බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »