විල්පත්තු රක්ෂිතය ගැන නඩුව විවාද කිරීමට දින දෙයි

2020-01-23 02:55:00       273
feature-top
විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම ලබන 27 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා. අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මීට පෙර තීරණය කර තිබුණේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටීමටයි.

පෙත්සම අද දින එම විනිසුරුවරයා ඉදිරියේම විභාගයට ගැනීමට කටයුතු කර තිබුණ ද පසුව මෙම පෙත්සම විනිසුරු ජනක් ද සිල්වා වෙත යොමු කෙරුණා. එහිදී පෙත්සම ලබන 27 දා විභාගයට ගැනීමට දින නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිවයි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »