ශානි ප්‍රකාශයක් දෙන්න CIDයට එයි

2020-01-23 11:48:00       270
feature-top
වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ පැහැර ගැනීමට ලක්වූ බවට කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් සමග දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත්දා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ගානියා බැරිස්ටර් සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, ලේක්හවුස් හිටපු සභාපති සහ එහි මාධ්‍යවේදිනියක් වන දරිෂා බැස්ටියන් දුරකථන සංවාදවල නිරතව සිට ඇති බවයි.

ඒ අනුව ශානි අබේසේකරගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »