චම්පික අමාරුවේ.. රියදුරු අධිකරණයේ රහස් පාපොච්චාරණයක්.. වාහහන පැදවූයේ තමන් නොව චම්පික බව කියලා..

2020-01-23 10:16:00       935
feature-top
2016 වසරේ දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් රියැදුරකු ලෙස සේවය කර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන වරට ද ඊයේ අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව එම ඉල්ලීම පෙබරවාරි මස 24 වැනි දින සලකා බැලීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ රියදුරා විසින් තමන් එම අනතුර සිදුවී අවස්තාවේ රථය පැදවූයේ තමන් නොවන බවට දැනටමත් පාපොච්චාරණය කර ඇති බවයි.

චම්පික රණවක එවකට ඇමැතිවරයා විසින් අදාල අනතුර සිදු වන අවස්ථාවේදී රථය පැදවූ බවද රියදුර හෙලි කර ඇති බවද ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »