රට ගොඩගන්න නම් 2/3ක බලයක් ඔ්නෑ.. නැතොත් ගෝටාභය දිනවූ නියම ප‍්‍රතිඵලය ලැබෙන්නේ නෑ..

2020-01-23 08:52:00       830
feature-top
එළඹෙන මහමැතිවරණය රටේ ඉදිරි ගමනට මෙන්ම ජනතාවගේ අනාගතය තීරණය කරන අතිශය වැදගත් මැතිවරණයක් වන බවත්,  එම මැතිවරණයේදිවත් රටට විහිළු සපයන ජනතාව රවටන වංචනික පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර නොගන්නැයි ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

ඇඹිලිපිටිය, කොලොන්න ආසනයේ ප්‍රජා සංවර්ධන කමිටු ගණනාවක් ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ග්‍රාමීය ගැටළු පිළිබද අවධානය යොමු කිරීමත්, අදාල ගැටළු නිරාකරණය සදහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධවත් මෙහිදි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ අවධානය යොමු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙල අද රටේ බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වෙලා තිබෙනවා. ඒ සදහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සම්පුර්ණ සහයෝගය ලබා දෙමින් රටේ ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගා සිටුවීමට සියළු අමාත්‍යංශ හරහා විවිධ කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අදාල ව්‍යාපෘති තුලින් සෘජුවම ජනතාවට සහන සැලසීමට ජනතාවගේ ක්‍රියාකාරී පෙල ගැස්ම ඉතාම අවශ්‍යයි.  සපිරිගමක් වැඩසටහන ප්‍රජා මූලික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන්නට රජය තීරණය කළේ ඒ අනුවයි. නමුත් සමහර ප්‍රදේශිය දේශපාලන නියෝජිතයින් මැසිවිලි නගනවා මේ හේතුවෙන් ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකීමේ ප්‍රමාදයක් ඇති වෙනවා කියලා. නමුත් ගැටළුව වන්නේ ජනතාව තුළින් ක්‍රමවත්ව යෝජනා ඉදිරිපත් නොවන සංවර්ධන කටයුතු සිදු කරන්න ගියාම රජයේ මුදල් අවභාවිත කරනවා කියන චෝදනාවට මුහුණ දෙන්න දේශපාලකයන් ලෙස  අපි හැමෝටම සිද්ධ වෙනවා. මේ ක්‍රමවේදය තුලින් එහෙම වෙන්නේ නැහැ.

රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගන්න නම් රටට ආදරේ කරන වැඩකරලා පුරුදු  පිරිසිදු පුද්ගලයින්ගෙන් යුතු තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. ඒ සදහා වන වගකීම පැවරෙන්නේ ඡන්දදායක ඔබට. ඒ සදහා ජනතාව දැනුවත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලද ජයග්‍රහණය ශක්තිමත් කරන්නට ඔබට වගකීමක් තිබෙනවා. ජනාධිපතිවරණයෙන් ලත් ජයග්‍රහණයේ නියම ප්‍රතිපල ජනතාවට හිමිවන්නේ බහුතර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙන් පමණක් බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

මම දීර්ඝකාලයක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරපු ඇමතිවරයෙක් ලෙස රටටත් දිස්ත්‍රික්කයටත් සිදු කළ සේවය අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවගේ දැඩී ඉල්ලීම නිසා තමයි මම මෙවර පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න තීරණය කලේ.රතනපුරේ ජනතාව මා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කරන්න මට බැහැ.රත්නපුර සංවර්ධනය වෙනුවෙන් කැපවුණු ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් මම කරලා තියෙනවා.රුවන්පුර ගුරු අභ්‍යාස විද්‍යාලය හැදුවා.රුවන්පුර විසල් ජල යෝජනා ක්‍රමය ඇතුළු ග්‍රාමීය ජල ව්‍යාපෘති ගණනාවක් ඇතිකලා.මුළු දිස්ත්‍රික්කයටම විදුලිය දුන්නා.රත්නපුර මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ සියඵම ආරෝග්‍ය ශාලා වැඩිදියුණු කලා.දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කලා.පාසල් පද්ධතිය වැඩි දියුණු කලා.ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නැංවීමට අවශ්‍ය පියවර ගත්තා.මේ නිසයි ජනතාව මට දේශපාලනයෙන් විශාම යන්න දෙන්නේ නැත්තේ.
(under the courtesy of lankacnews.com news web)

More News »