බඩුමිල ගැන විවාදය මැද්දේත් රන්ජන්ගේ හඩපට ඇදෙයි

2020-01-23 08:50:00       203
feature-top
ආණ්ඩුව පොරොන්දු වූ පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට කි‍්‍රයා කළයුතු බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ට්ආරච්චි මේ බව කියාසිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවති කල් තැබීමේ විවාදයේදීයි.

එහිදී "පසුගිය රජය විසින් ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වඩාත් සුරක්ෂිත කරන ලෙස සුළුතරයක් නියෝජනය කරන රජයට බහුතරයක් නියෝජනය කරන විපක්ෂය බල කර සිටිනවා" යනුවෙන් ද සඳහන් කෙරුණා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම චෝදනාවලට පිළිතුරු ලබාදුන්නා. එහිදී ඔහු කියා සිටියේ "රජයේ ආයතන අද ලාබ ලබන ආයතන බවට පත් කරමින් තිබෙනවා. ඉදිරියේදී රටේ ගෙවතු දශ ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනවා. ගෙවත්තක් හදා ගන්න මුදලකුත් දීලා දැනුමත් දීලා පැළත් දීලා රම්පෙ කොලෙත් පොළෙන් ගන්න තත්ත්වය නැති කරනවා. මාර්තු 01 වැනිදා වෙනකොට මේ රටේ එකම උපාධිදාරියෙකුවත් ගෙදර ඉන්නේ නෑ.  " යනුවෙනි.

මේ අතර රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා තවත් හඬපට 15,000 ක් පමණ  සභාගත කළේ කල් තැබීමේ විවාදය පැවැත්වෙන අතරතුරයි. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අතර  සංවාදයක් ඇති වුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »