විසඳුමකට රනිල් ප්‍රතිචාර නොදක්වයි

2020-01-23 08:46:00       830
feature-top
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දින දෙකකින් අවසන් තීන්දුවක් ලබාදෙන බවට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ ද මෙතෙක් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර තිබුණේ කථානායක කරු ජයසූරිය මහතා සමග ඉකුත් 20 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

කෙසේවෙතත් අදාළ ප‍්‍රකාශය සිදුකර මේ වනවිට දින දෙකක කාලය ඉක්මවා ඇතත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා වෙත කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ.  

ඉකුත් සඳුදා දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කර තිබුණේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

ඒ සඳහා තමන්ට දින 2ක කාලයක් ලබා දෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණේ එම අවස්ථාවේදීයි.
(under the courtesy of nethnews.lk news web)

More News »