හඬ පට බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ තියෙනවා : මට දවස් දෙකක් ඇප දෙන්න - රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී කියයි

2020-01-22 05:34:00       957
feature-top
තමන්ගේ හඬ පට ආරක්ෂා සහිතව පෞද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක තබා ඇති බව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට තමන් අධිකරණ නියෝග මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බැවින් එම හඬ පට තබා ඇති බැංකුවට ගොස් ඒවා ලබා ගැනීමට දින දෙකක කාලයක් ඇප ලබා දෙන්නැයි පාර්ලිමේන්තුවේදී විවෘත ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයට පිලිතුරු ලබාදෙමින්ය.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මනත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට අනුව ඊට අදාළ හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත් කිරීමක් සිදුකර නොමැති බවත් ඒ හේතුවෙන් සභාවේ සියලු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වයට හානියක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා.

මේ අවස්ථාවේදී අදහස් දක්වමින් රන්ජන් රාමනායක අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ ජංගම දුරකථන 04ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ හඬ පට පටිගත කොට තිබු දෘඩ තැටි 08 ක් පොලිසිය විසින් ඔවුන්ගේ භාරයට ගත් බවයි. කෙසේ වුවත් වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට අදාළ සුවිශේෂී හඬ පට තමන් ආරක්ෂා සහිතව පෞද්ගලික බැංකුවක ආරක්ෂිත සේප්පුවක තබා ඇති බව කියා සිටියා.

තමන් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සිටින බැවින් අදාළ හඬ පට ආරක්‍ෂිත සේප්පුවෙන් රැගෙන පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට දින දෙකක කාලයක් ඇප ලබාදීමට කටයුතු කරන්නැයිද රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියා.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් වන හඬ පට කිහිපයක් අද සවස 6.00 වීමට පෙර තමන් සභාගත කරන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා තමන්ගේ ලේකම්වරයෙක් පසුපස රජයේ පාර්ශ්ව මේ වන විට ලුහුබදිමින් සිටින බවද කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »