හිරුණිකාට මදි නොකියන්න කෑම ලෑස්තියි.. යු ටියුබ් වාර්තා බිදින්න ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝව ‘බබා-නසරාණියා’ හිරුණිකා වෙනුවෙන් එයි..

2020-01-22 04:38:00       723
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් තමනට එල්ල කරන ලද චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අලලා නිර්මාණය කරන එම ගීත වූයේ වීඩියෝව ඇයගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට භාවිත කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉරාජ් වීරරත්න මේ බව සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ පෙර ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ ගීත වීඩියෝ හා වාර්තා වීඩියෝ කිහිපයක් ම අතිශය ජනප්‍රිය පත් වූයේ එවකට පැවැති යහපාලන ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල නිසාය.

ඔහු විසින් නිර්මාණය කරන ලද එම ගීත වීඩියෝවන් සමාජ මාධ්‍ය සහ ජන සමාජය දැඩි මතවාදී වෙනසට ලක් කිරීමට ද සමත් විය.

————

අ⁣හිංසක ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන දේවල් බලන්න 🤦‍♂️ කතා කරන කැත බලන්න 🤦‍♂️

මේක අපි හොද පාඩමක් හැටියට ඉගෙනගෙන ඉදිරි මැතිවරණයේදී හොද බුද්ධිමත් පිරිසක් පක්ෂ පාට නොබලා පාර්ලිමේන්තුවට යවමු 🙏

Dear හිරැනිකා බබා ❤️

රටේ නායකයෙක් හැටියට ඔයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී බොරු ගොතලා මගේ චරිතය ඝාතනය කරපු එකට කමක් නෑ 😘

හැබැයි ඔබලාට පාර්ලිමේන්තුවේදී මේ ලබා දෙන කාලය රටට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න.

රටේ අහිංසක මිනිස්සු ගොඩක් විශ්වාස කරලා ඔබලාව පාර්ලිමේන්තුවට යවන්නේ රට හදයි කියලා බලාපොරොත්තුවක් ඇතිව.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙලා ඔබතුමිය මට කියපු සියලුම දේවල් වලට ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්. ඒක රටට මම කරන ලොකු සේවයක් සහ පිනක් 🙏

මිලියන ගනනක් ජනතාව බලන Trending Number 1 වෙන ඒ Video එක ඔබතුමියගේ ඡන්ද Campaign එකට පාවිච්චි කරන්න 😬

තවත් දෙයක් මම තාම හොයනවා ඔයාගේ Voice එක වගේ Edit කරලා හදන්න පුලුවන් Software එකක් 🤣 Crack එකක් හරි කමක් නෑ එවන්න…
(under the courtesy of lankacnews.com news web)

More News »