රන්ජන් තම සියළු හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරයි..

2020-01-21 04:53:00       726
feature-top
තමන් සතුව තිබෙන දුරකථන සංවාද හඬපට සහ වීඩියෝ සියල්ල පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහුට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටියද කතානායකවරයා ඊට ඉඩ නොදුන් අතර විපක්ෂයෙන් කාලය ලබා ගනිමින් ඔහු අදහස් පළ කළේය.

කෙසේ නමුත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටින්නේ මන්ත‍්‍රීවරයා සභාගත කර ඇත්තේ සුළු ප‍්‍රමාණයක් බවත් අති විශාල හඬ පට හා වීඩියෝ පට ප‍්‍රමාණය පොලීසිය විසින් සිය බාරයට ගෙන ඇත් බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »