අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට

2020-01-21 04:51:00       726
feature-top
රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයකු ජනවාරි මස 31 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (21) නියෝග කරනු ලැබුවා.

ඉතාලියේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයකුට සහ ඔහුගේ දරුවන් තිදෙනාට මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පවසා මෙම සැකකරු මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර සිටියි.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයකු ලෙසට සේවය කරන නිලධාරියෙකි.


(under the courtesy of nethnews.lk news web)

More News »