රුපියල් පනස්දහසක අල්ලසක් ගත් පැල්මඩුල්ල පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

2020-01-21 04:14:00       726
feature-top
මුදල් අල්ලසක් ගත් පැල්මඩුල්ල පොලිසියේ නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම මගින් මෙලෙස අද (21) අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයෙක්.

මෙම නිළධාරියා පැල්මඩුල්ල අධිකරණය ආසන්නයේදී රුපියල් 50,000ක මුදල් අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පොලිස් සැරයන්වරයා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

More News »