බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 775 දෙනෙක් අත්අඩංගුවට

2020-01-21 04:34:00       332
feature-top
බස්නාහිර පළාත තුළ එක්දිනක් තුළ සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඊයේ (19) මෙම මෙහෙයුම සිදුකළේ බස්නාහිර පළතේ පොලිස් වසම් 110 ක් කේන්‍ද්‍ර කර ගනිමින්.

එහිදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 128 දෙනෙකු, මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 324 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකපිට තවත් පුද්ගලයින් 205 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත මෙම මෙහෙයුම සිදු කෙරුණා. ඒ සදහා එක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1200 ක්.


(under the courtesy of nethnews.lk news web)

More News »