නිල සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කළ ආරාධනයක් ජනපති පිළිගනියි

2020-01-18 03:43:00       862
feature-top
නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිදුකළ ආරාධනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයා සිය සිය ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක දැක්වෙන්නේ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් මොහොමඞ් බින් සායිඞ් අල් නහියන් විසින් මෙම ආරාධනය සිදුකර ඇති බවයි.

ඒ අනුව දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා සිදුකර ඇති ආරාධනය පිළිගන්නා බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් සටහන හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

More News »