පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරු

2020-01-18 09:44:00       308
feature-top
පොලීසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව රත්නපුර කොට්ඨාශය භාර නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් එච් එස් මාරසිංහ මහනුවර කොට්ඨාශ භාර නිලධාරීවරයා ලෙස මාරුකර තිබෙනවා. මාතර කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ වී කීර්තිරත්න මාරු කර ඇත්තේ කෑගල්ල කොට්ඨාශය වෙතයි.

පොළොන්නරුව කොට්ඨාශය භාර නිලධාරියා ලෙස කටයුතු කළ ඒ පී ඞී වීරසේකර අශ්වාරෝහක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස මාරුකර තිබෙනවා. සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
 ඕ. හේවාවිතාරණ මාරුකර ඇත්තේ පොළොන්නරුව කොට්ඨාශය භාර නිලධාරීවරයා ලෙසයි.

බස්නාහිර පළාත දකුණ රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පී එම් කේ ඞී පලිස්කාර සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර තිබෙනවා. පොලිස් අධිකාරී ආර් එම් පී එන් රත්නායක පත්කර ඇත්තේ බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

More News »