සිව්දෙනෙක් ගැන තිරණය ගන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව් රැස්වෙයි

2020-01-18 09:40:00       830
feature-top
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව එම පක්‍ෂ මූලස්ථානයේදී අද (18) රැස් වනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩිලාන් පෙරේරා හා විජිත් විජයමුණි ද සොයිසා එම විනය කමිටුව හමුවට අද කැදවා ඇති බවයි එම පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්‍ෂණ අවසන් අදියරේ පසුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. විනය කමිටුව අද රැුස්වීමෙන් පසු ඔවුන් පිළිබදව අවසන් තීරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා බවයි පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

මෙම රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙලෙස විනය පරීක්‍ෂණයක් කැදවීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා තීරණය කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »