බහුතර මන්තී‍්‍රවරුන්ගේ් තීන්දුව වෙනස් නොකරන බවට සජිත් පාර්ශවයෙන් ප‍්‍රකාශයක්

2020-01-18 09:37:00       830
feature-top
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි මහ මැතිවරණය සදහා සැලසුම් කළ පරිදි එක්සත් ජාතික පෙරමුණ තරග වදින බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ පවසනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. ඉකුත්දා පැවති එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී පක්‍ෂ නායකත්වය සදහා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත් කළයුතු බවට මන්තී‍්‍රවරුන් බහුතරයකගේ කැමැත්ත හිමි වූ බවයි අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයා පැවසුවේ.

මෙම අර්බුදය විසදා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම ලබන සිකුරාදා යළි රැස්විය යුතු බව පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පැවති රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් තීන්දු කර ගත් පරිදි මන්තී‍්‍රවරුන් බහුතරයකගේ කැමැත්ත මත එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කරන බවයි අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.


එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයා ගමගේද අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ ඉදිරියේදී පැවැත්වෙන්නේ මහ මැතිවරණයක් බැවින් පක්‍ෂ නායකත්වයේ වෙනසක් ඊට අවශ්‍ය නොවන බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »