මහින්දගෙන් කොපි කරයි.. ‘සජිත් හුලග’ 23 නුගේගොඩින් අරඹයි..

2020-01-17 04:28:00       727
feature-top
එක්සත් ජාතික පක්ෂයෙන් නිලනොවන නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 23දා නුගේගොඩදී විරෝධතා රැලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින්ගේ ද සහයෝගය මීට ලැබෙනු ඇති බවද සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රැළිය ‘සජිත් හුළඟ’ ලෙස නම් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නිල නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වය විසින් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් වෙයි.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹෙන 24 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේ නමුත් ඊයේ පැවති පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී තමන්ට පක්ෂ නායකත්වය ලබාදී ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »