හෙරොයින් සමග සැකකරුවන් 10 දෙනෙකු තලාතුඔයේදී අත්අඩංගුවට

2020-01-17 03:40:00       726
feature-top
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දස දෙනකු තලාතුඔය නැහැනිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලාතුඔය පොලිසියට ලඳ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 542 ක් සහ රුපියල් දෙලක්‍ෂ 30,350 ක මුදලක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු පිරිස අතර කාන්තාවක් ද සිටිනවා. මෙම සැකකරුවන් මහනුවර, අම්පිටිය, පේරාදෙණිය සහ අමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »