රන්ජන්ගේ හඬපට නිසා අපි අමාරුවේ..- අධිකරණ නිලධාරීන් ජනපතිට ලියති..

2020-01-17 02:08:00       730
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට හේතුවෙන් අධිකරණ සිතාසි සහ ඇක්සසි ක්‍රියාත්මක නිලධාරීන් තම රාජකාරි කටයුතුවලදී දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත.

සමස්ත ලංකා සිතාසි සහ ඇක්සසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මහජනතාවට විශ්වාසය තැබිය හැකි වන අන්දමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසයි.

රාමනායක මන්ත්‍රීවරයාගේ කටයුතු හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට විශාල කළු පැල්ලමක් එකතු වූ බවද නිවේදනයේ සඳහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »