හදිස්සියේ ගොඩබෑ ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගියාගේ ශරීර ගතවූ "වෛරසය" හඳුනා ගැනේ

2020-01-17 02:05:00       733
feature-top
ලයන් එයාර් ගුවන් යානයේ සිට පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් කළ පුද්ගලයාට "ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය" වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටියේ එම රෝගියා සම්බන්ධයෙන් බොරැල්ල වසංගත රෝග විද්‍යා ඒකකයේදී සිදුකළ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවයි.

සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා ගමන් කරමින් සිටි තායිලන්තයේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය පසුගිය ජනවාරි මස 13 වෙනිදා කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවේ එහි සිටි ගුවන් මගින් දෙදෙනෙකු හදිස්සියේ අසනීප වීම හේතුවෙන්ය.

එම ගුවන් යානයේ සිටි රෝගීන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළට ගොඩබාන අවස්ථාවේදී ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි තවත් මගියෙකු ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් කරනු ලැබුවා.

ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටියේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවන බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට මදක් සුව අතට හැරී ඇති බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »