අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

2020-01-15 03:09:00       387
feature-top
අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා පහසු ක්‍රමයක් හඳුන්වා දීමට පොලිසිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට අදාල පුද්ගලයාට හැකියාව ලබා දී ඇත.

www.ineed.police.lk/ යන වෙබ් අඩවිය ඔස්සේ අදාළ පැමිණිල්ල සිදුකර ගත හැකි අතර එම ක්‍රියා පටිපාටිය සිදුකළ යුතු අයුරු දැක්වෙන දැනුවත් කෙරෙන වීඩියෝ පටයක් ද එම වෙබ් අඩවියේ දක්වා ඇත.


(under the courtesy of nethnews.lk news web)

More News »