රන්ජන්ගේ හඬපට නිසා තරුණ නිළියක් දිවි නසාගන්න යයි..

2020-01-15 09:52:00       807
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ හඬ පට හේතුවෙන් තරුණ රංගන ශිල්පිනියක් දිවි නසා ගැනීමේ උත්සාහයක යෙදුණු බවට වාර්තා වූ බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පැවසීය.

එම රංගන ශිල්පිනිය නිදි පෙති පානය කර මෙම උත්සාහය දරා ඇතැයිද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදාළ හඬ පටි වලින් හෙළිදරව් වන කාරණා අනුව ඇතැම් දේශපාලනඥයන්ට අගතියට පත් වුවද ඔවුහු ඉවසා සිටින නමුත් සංවේදී හදවතක් ඇති කලාකරුවන්ට එය දරාගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

රාමනායක මහතාගේ මෙම කටයුත්ත නිසා යම් ආකාරයකින් කලාකරුවෙක් දිවි නසා ගතහොත් එම අවාසනාවන්ත සිදුවීෙම් වගකීම රාමනායක මහතා භාර ගත යුතු බවද ඔහු ප්‍රශ්න කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »